
වසරේ මේ දක්වා කාල සීමාව තුළ නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඔස්ටේරලියාව බලා ගමන් කළ පුද්ගලයින් 701 දෙනෙකු සිය භාරයට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා කියා සිටියේ ඔස්ටේරලියාව බලා පිටත්ව යාමට සූදානම්ව සිටි තවත්
පුද්ගලයින් 210 දෙනෙකු ද මෙරටදී මේ වනවිට සිය භාරයට ගෙන ඇති බවයි.

එමෙන්ම, නීතිවිරෝධීව ඉන්දියාව බලා යාමට සූදානම්ව සිටි පුද්ගලයින් 113 දෙනෙකු ද නාවික හමුදාව මේ වසර තුළ දී සිය භාරයට ගෙන තිබෙනවා.
නීතිවිරෝධී ලෙස මෙරටින් ඔස්ට්‍රලෙියාව වෙත ගොස් එරට දී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ පුද්ගලයින් සංඛ්‍යාව 183 ක්.
