ගෝඨා බැංකොක් නුවර හෝටල් අඩස්සියේ

තායිලන්තයේ සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රැඳී සිටින හෝටලයෙන් පිටව නොයන ලෙස බැංකොක් පොලිසිය උපදෙස් දී තිබෙනවා.

එරට ආරංචි මාර්ග උපුටා දක්වමින් බැංකොක් පෝස්ට් පුවත්පත මේ බව වාර්තා කලා.

ගෝඨාභය රාජපක්ෂ පැමිණි ගුවන් යානය තායිලන්තයේ ෆුකට් ගුවන් තොටුපළ වෙත ගොඩ බැසීමට සැලසුම් කර තිබුණත් ආරක්ෂා හේතුන් මත ගුවන් යානය ඩොන් මුවාන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇතැයි සඳහන්.

අනතුරුව තායි ආරක්ෂක අංශ විසින් බැංකොක් නගරයේ ස්ථානය හෙළි නොකළ හෝටලයකට හිටපු ජනාධිපතිවරයා රැගෙන ගොස් ඇතැයි බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කරනවා.

සිවිල් ඇඳුමෙන් සැරසි තායිලන්ත ආරක්ෂක අංශ නිලධාරීන් ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඔහු රැඳී සිටින හෝටලයේ යොදවා ඇතැයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »