Search

ඉස්ලාම් දහම විවේච්චනය කල රුෂ්ඩි ට තියුණු ආයුධ ප්‍රහාරයක්

ප්‍රකට ගත්කතුවරයෙකු වන සල්මන් රුෂ්ඩි ට අමෙරිකාවේ නිව්යෝර්ක් හිදී තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ඔහු වේදිකාවක කතා කරමින් සිටිනවිට එක්වරම පුද්ගලයෙකු වේදිකාවට ගොඩවී ගත්කතුවරයාට පිහියකින් ඇන ඇති බවයි.

මෙහිදී ඔහුගේ ගෙල ප්‍රදේශයට බරපතල තුවාල සිදුවී ඇතැයි සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් 24 හැවිිරිදි සැකකරුවෙකු අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

1988 දී රුෂ්ඩි විසින් ලියා පළ කළ කෘතියක් තුළින් ඉස්ලාම් මතවාදයන්ට අපහාස කරන බවට දැඩි චෝදනා එල්ලවුණා.

2012 දී ඉරාන ආගමික පදනමක් විසින් රුෂ්ඩිගේ හිස සඳහා වූ ත්‍යාගය ඩොලර් මිලියන 2.8 සිට ඩොලර් මිලියන 3.3 දක්වා ඉහළ නැංවිමටද පියවර ගෙන තිබුණා.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »