ඔස්ටේ්‍රලියාව පුරා ගුරු හිගය පියවීමට ජාතික සැළැස්මක්

ඔස්ටේ්‍රලියාව පුරා පවතින ගුරු හිගය පියවීමට ජාතික සැළැස්මක් සකස් කිරීමට ප්‍රාන්ත අධ්‍යාපන අමාත්‍යවරුන් තීරණය කර තිබෙනවා.

ෆෙඩරල් රජයේ අධ්‍යාපන ඇමති ජේසන් ක්ලාර්ක් සමග ඊයේ කැන්බරා පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි මෙම සාකච්ඡාව පවත්වා තිබුණේ.

ගුරුවරුන් සිදුකරන සේවයට අදාළව ඔවුන්ට හිමිවන වැටුප ප්‍රමාණවත් නොමැති බවද මෙහිදී අවධාරණය වී තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් මාසය වනවිට ගුරු වැටුප් ඇතුලු ජාතික සැළැස්මක් සකස් කිරීමටයි අධ්‍යාපන අමාත්‍යවරුන් එකග වී ඇත්තේ.

2025 වසර වනවිට උපාධිධාරී ගුරුවරුන් 4000 කගේ පමණ හිගයක් ඇති වනු ඇති බවත් ඊට විසඳුම් වහා සෙවිය යුතු බවත් මෙම සාකච්ඡාවේ අවධානය යොමුවූ තවත් ප්‍රධාන කරුණක් වනවා.

යෝජිත නව වැටුප් ක්‍රමවේදයට අනුව ගුරුවරයෙකුගේ වාර්ෂික වැටුප ඩොලර් 130,000 ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවටද වාර්තා පළවනවා.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »