සිඩ්නි Parking ප්‍රශ්නයට විසඳුමක්

සිඩ්නි නගරයේ වාහන නතර කිරීමට (Parking) ඉඩ ඇති ස්ථාන පිළිබඳ දැනුවත් කරන ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් හඳුන්වා දී තිබෙනවා.

Park’n’Pay ලෙස නම් කර ඇති එමගින් කුමන ස්ථානයක කොපමණ වාහන සංඛ්‍යාවකට ඉඩ ඇතිද යන්න දැනුම් දෙනු ලබනවා.

මෙම ඇප්ලිකේෂනය සම්බන්ධ කර ඇත්තේ Parking spot වල ඇති සංවේදන (sensors) සමග වන අතර ඒවා පොළවේ ස්ථානගත කර තිබීමද විශේෂත්වයක්.

තවමත් මෙම ඇප්ලිකේෂනය සිඩ්නි නැගෙනහිර ප්‍රදේශවල අත්හදා බලමින් පවතින අතර ඉදිරි මාස කිහිපයේදී තවත් sensors 64 ක් ස්ථානගත කිරීමට නියමිතයි.

ව්‍යාපෘතිය අවසන් වනවිට සිඩ්නි නගරයේ කලාප 10 ම ආවරණය වන පරිදි sensors 3600 කට වැඩ සංඛ්‍යාවක් ස්ථාපිත කෙරෙනු ඇති.

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »

පසුගිය මූල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ පැමිණිලි 76,000 ඉක්මවයි

ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.

Read More »