වීසා ඉල්ලන මෙල්බන්වාසීන්ට දැනුම්දීමක්

වීසා සේවා සපයන බව පවසා සංක්‍රමණ නීතීඥවරියක ලෙස පෙනී සිටිමින් මෙල්බන්වාසීන්ගෙන් ඩොලර් 80,000 ක මුදලක් වංචාකල කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

48 හැවිරිදි මෙම තැනැත්තියට වික්ටෝරියා සංක්‍රමණ සේවා පවත්වාගෙන යාම සඳහා වලංගු කිසිදු බලපත්‍රයක් තිබී නොමැති අතර කිසිදු දිනයක ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතවරියක හෝ නීතීඥවරියක ලෙස කටයුතු කර නොමැති බව සඳහන්.

2016 පෙබරවාරි සහ 2017 මැයි කාලයේදී ඔස්ටේ්‍රලියානු වීසා ලබාදිය හැකි බව පවසා මෙම තැනැත්තිය පුද්ගලයන් 04 දෙනෙකුගෙන් ඩොලර් 80,000 ක මුදලක් වංචා කර තිබුණා.

ඇය ඉන්දියාවට පළා යාම සඳහා උත්සාහ කිරීමේදී මෙල්බන් ගුවන් තොටුපළේදීයි අත්අඩංගුවට ගෙන තිබුණේ.

අද අධිකරණයේදී සැකකාරිය වරද පිලිගෙන ඇති අතර දඩුවම් නියම කිරීම ලබන ඔක්තෝබර් මාසයේදී සිදුකිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප විවෘත කිරීම ඇරඹේ

ප්‍රමාණවත් හිම පතනයන් නොලැබීම හමුවේ විවෘත කිරීම ප්‍රමාද වූ ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »