සේවක වැටුප් $ මිලියන 250 ක් වංචාකර ඇති බවට මැක්ඩොනල්ඩ්ස්ට චෝදනා

ඔස්ටේ්‍රලියාවේ සේවකයන්ට ඩොලර් මිලියන 250 ක වැටුප් ගෙවා නොමැති බවට සුප්‍රකට මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලයට ප්‍රබල චෝදනාවක් එල්ලවනවා.

රට පුරා සේවකයන් 250,000 කට පමණ සේවා මුරවලදී හිමිවන වැටුප් සහිත විවේක කාලයන් සඳහා වන ගෙවීම් මෙලෙස පැහැර හැර ඇති බවටයි ෆෙඩරල් අධිකරණය හමුවේ ගොණුකර ඇති නඩුවක දැක්වෙන්නේ.

කිසියම් අයුරකින් මෙම නඩුව පරාජයට පත්වුවහොත් ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ දැවැන්තම වන්දි මුදලක් ගෙවීමට මැක්ඩොනල්ඩ්ස් ආයතනයට සිදුවනු ඇති.

සෑම පැය 04 කටම වරක් විනාඩි 10 ක විවේකයක් හිමිවන බව සේවකයන්ට නොදන්වා එම කාලයේදීත් ඔවුන් රාජකාරි සඳහා යෙදවූ බවටයි මෙහිදී චෝදනා එල්ල වන්නේ.

මීට මාස කිහිපයකට පෙර සිදුකල සමික්ෂණයකදී අනාවරණ වූයේද ඔස්ටේ්‍රලියානු තරුණ තරුණියන් අර්ධකාලීන රැකියා සඳහා සිය පළමු කැමැත්ත ලෙස තෝරාගෙන ඇත්තේ මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය බවයි.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »