ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමෙන් ලංකාවට $ 45,000 ක්

ඔස්ටේ‍රලියානු ක්‍රිකට් කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා ඔස්ටේ‍රලියානු ඩොලර් 45,000 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.

මේ සඳහා පෙරමුණ ගෙන ක්‍රියා කලේ සුපිරි ක්‍රීඩකයින් දෙපළක් වන ඒරන් ෆින්ච් හා පැට් කමින්ස් විසිනුයි.

ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකික දරුවන් ලක්ෂ 17 කට හා ඔවුන්ගේ පවුල් වෙත යුනිසෙෆ් සංවිධානය හරහා එම මුදල බෙදාහැරීමටයි තීරණය කර ඇත්තේ.

සති කිහිපයකට පෙර පැවති ඔස්ටේ‍රලියා – ශ්‍රී ලංකා තරග සංචාරයේදීයි මෙම අරමුදල එක් රැස් කිරීමට පියවර ගෙන තිබුණේ.

ලාංකික දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සහ පානීය ජල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහාද මෙම මුදල් යෙදවීමට නියමිතයි.

Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »