හිටපු ජනපති ගැන අලුත්ම ආරංචියක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ රැඳී සිටිනුයේ තාවකාලික පදනමින් බව එරට අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඔචා ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව හිටපු ජනාධිපතිවරයා වෙනත් රටක ස්ථිර රැකවරණය අපේක්ෂා කරනු ඇති බවයි තායි අගමැතිවරයා උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කලේ.

මානුෂීය හේතුන් මත ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණි බව බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කර තිබෙනවා.

එරටදී කිසිදු දේශපාලන ක්‍රියාකාරකමක නිරත නොවීමට ගෝඨාභය රාජපක්ෂ එකගතාවය පළකර ඇති බවයි තායි අගමැතිවරයා සඳහන් කර ඇත්තේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයට ඇතුලුවීමට අවසර දෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් ලැබී ඇතැයි එරට විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ තහවුරු කලා.

දෙරට අතර දීර්ඝ කාලීන සබඳතා සැළකිල්ලට ගෙන එය සළකා බලන බවයි තායි විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා නිකුත් කර ඇති ට්විටර් සටහනක දැක්වෙන්නේ.

2013 වසරේදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇතිකරගත් එකගතා ගිවිසුමකට අනුව රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රයක් ඇති බැවින් හිටපු ජනාධිපතිවරයාට වීසා රහිතව දින 90 ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට අවසර හිමිවන බවද විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පෙන්වා දෙනවා.

Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »