සෞඛ්‍ය – විද්‍යා – ඉංජිනේරු – hospitality සහ childhood වෘත්තින්ට වික්ටෝරියා ප්‍රාන්තයෙන් PR ගන්න වරම්

අද සිට අයදුම්පත් භාර ගැණුනු වික්ටෝරියා පුහුණු නිපුණතා වීසා වැඩපිළිවෙල යටතේ ප්‍රමුඛතාවය හිමිවන අංශ පිළිබඳ තොරතුරුද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව පහත අංශවල රැකියා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කරන්නේ.

  • Healthcare and social services
  • Science, Technology, Engineering and Mathematics (STEM)
  • Advanced manufacturing, digital and innovation economy
  • Chef, cook, accommodation and hospitality managers – for the 491 visa
  • Early childhood, secondary and special education teachers.

190 සහ 491 වීසා යටතේ ඔස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා පළමුවෙන් සිදුකල යුතු වන්නේ ROI එකක් යොමු කිරීමයි.

එහිදී තෝරා ගන්නා ROI සඳහා වීසා අයදුම්කරන ලෙස ප්‍රාන්ත රජය විසින් ආරාධනා කරනු ලබනවා.

ඒ සඳහා පහත සාධක සළකා බැලෙනු ඇති.

  • age,
  • English language level,
  • years of experience in your nominated occupation,
  • education and occupation skill level,
  • partner’s skill (if applicable),
  • salary – onshore candidates only.

මෙම ROI සළකා බැලීම ලබන වසරේ මැයි මාසය දක්වා සිදුකිරීමට නියමිතයි.

2021-22 වසර තුළදී 15,000 කට අධික ROI සංඛ්‍යාවක් ලැබී තිබූ අතර එහිදී තෝරා නොගැණුනු අය සඳහාද අලුතින් ROI එකක් ඉදිරිපත් කල හැකි වනවා.

මෙවර වික්ටෝරියා Skilled Visa වැඩසටහනේ ඇති ප්‍රධාන වෙනස්කමක් වන්නේ 190 වීසා කාණ්ඩය සඳහා ඔස්ටේ්‍රලියාවෙන් බැහැර පුද්ගලන්ටද අයදුම් කිරීමට අවස්ථාව සළසාදීමයි.

491 වීසා කාණ්ඩය සඳහාද එම අවස්ථාව හිමිවන නමුත් එහිදී සෞඛ්‍ය වෘත්තීන් සඳහා වැඩි අවස්ථාවක් හිමිවනු ඇති.

දිනකට ආහාර වේල් බිලියනයක් කුණු බක්කියට

ලොව පුරා පුද්ගලයින් මිලියන 800ක් කුසගින්නේ පසුවද්දී දිනකට ආහාර වේල් බිලියනයකට වැඩි ප්‍රමාණයක් මිනිසුන් අපතේ හරින බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මිතුරා අහිමි වූ Molly ගැන තීරණයක් ගනී

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සුප්‍රසිද්ධ වූ පොල්කිච්චෙකු වනජීවී බලධාරීන් විසින් සිය භාරයට ගැනීමෙන් පසු එම සත්වයා රැකබලා ගත් හිමිකරුවන් වෙත යළි ලබා දීමේ ව්‍යාපාරයකට ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැතිවරයෙකු සහාය ලබා දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන පිරවුම්හලකට යනවා නම් මේ ගැන බලන්න අමතක කරන්න එපා

පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට පෙර මිල ගණන් දෙවරක් පරීක්ෂා කරන ලෙස ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැනුම්දීමක් කර තිබෙනවා.

Read More »

රක්ෂණයක් නැති ඔස්ට්‍රේලියානුවන්ට අවාසි සහගත තත්වයක්

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණයක් නොමැති ඔස්ට්‍රේලියානුවන්ට අත්‍යවශ්‍ය සැත්කම් සිදු කර ගැනීමට වසරකට වැඩි කාලයක් පොරොත්තු ලේඛන නැතිහොත් වේටින් ලිස්ට්හි රැඳී සිටීමට සිදුවන බව නවතම සමීක්ෂණයක දී තහවුරු වී තිබෙනවා.

Read More »
Requested file could not be found (error code 404). Verify the file URL specified in the shortcode.