
වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව ආසන්නයේ පිහිටි හිදී වෙළඳසැල් සේවිකාවකට ගිනි අවි පෙන්වා මුදල් කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතනවා.
පසුගිය සඳුදා රාත්‍රී 09.15 ට පමණ මෙම සිදුවීම වාර්තා වී තිබුණා.
ඊට අදාළ දර්ශන සී සී ටී වී කැමරාවල පටිගත වී ඇති අතර මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

සැකකරුවන් යුරෝපීය පෙනුමක් ඇති දෙදෙනෙකු වන අතර කිසියම් තොරතුරක් දන්නා අයෙකු වෙතොත් පොලිසිය දැනුවත් කෙරෙන
ලෙස ඉල්ලීමක් කෙරෙනවා.
