
වත්මන් ඔස්ටේ්‍රලියානු ආරක්ෂක අංශ සාමාජිකයන් සහ විශ්‍රාමික රණ විරුවන් සිය දිවි නසා ගැනීමට හේතු සඳහා පත්කල රාජකීය කොමිසමේ වාර්තාව අද පාර්ලිමේන්තුවේදී සභාගත කෙරුණා.
වහා විසඳුම් දිය යුතු බවට වන නිර්දේශ 13 ක් ඊට ඇතුළත්.
දැනට ගෙවීමට ඉතිරිව පවතින වන්දි මුදල් කඩිනමින් ගෙවා අවසන් කිරීම එහි ප්‍රධාන නිර්දේශයක් වනවා.

පසුගිය මැයි මාසය වනවිට එවැනි ඉල්ලීම් 42,000 ක් පමණ සළකා බැලෙමින් පැවති බවයි රාජකීය කොමිසම සඳහන් කලේ.
ඉරාක සහ ඇෆ්ඝන් යුධ සමයන්හිදී මියගිය ඔස්ටේරලියානු සෙබලුන් සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් සිය දිවි නසා ගැනීම් හමුවේ මරණයට පත්ව ඇති බවයි අනාවරණ වන්නේ.

රාජකීය කොමිසමේ පූර්ණ වාර්තාව 2024 වසරේදි එළි දක්වනු ඇති.