Search

ඉංග්‍රීසි ඉගෙනගන්න ඔස්ටේ්‍රලියාවට එන සිසුන්ට පණිවුඩයක්

ඔස්ටේ්‍රලියාවේදී ඉංග්‍රීසි භාෂා පාඨමාලා හැදෑරීම සඳහා ඇතුළත්වන ජාත්‍යන්තර සිසුන්ගේ සංඛ්‍යාව වසර 20 කට පසු අවම අගය සටහන් කර තිබෙනවා.

ගතවූ වසර 02 තුළදී එලෙස අහිමිවී ඇති මුදල ඩොලර් බිලියන 02 කට ආසන්න බවයි English Australia ආයතනය පවසන්නේ.

පසුගිය වසරේදී අධ්‍යාපන කටයුතු සඳහා පැමිණි සිසුන් සංඛ්‍යාව 2000 වසරේදී පැමිණි සිසුන් සංඛ්‍යාව හා අඩු මට්ටමක පැවති බවද නවතම සංඛ්‍යාලේඛණ වාර්තාවක සඳහන්.

2020 වසරේදී ජාත්‍යන්තර සිසුන් 90,130 දෙනෙකු ඔස්ටේ්‍රලියාව තුළ ඉංග්‍රීසි භාෂාව හදාරමින් සිට ඇති නමුත් 2021 වසරේදී එය 39,735 දක්වා සියයට 56 කින් අඩුවී තිබෙනවා.

මින් ප්‍රතිශතයක් ලෙස වැඩිම කඩා වැටීමක් පෙන්නුම් කෙරෙන්නේ යුරෝපයේ සිට ඔස්ටේ්‍රලියාවට පැමිණි සිසුන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 74 ක පහළයාමක්.

දැනට ඔස්ටේ්‍රලියාව තුළ ඉංග්‍රීසි භාෂාව හදාරන වැඩිම සිසුන් පිරිසක් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවද ඇතුළත් ආසියා පැසිෆික් කලාපයෙන් වන අතර එම සංඛ්‍යාව 27,986 ක්.

මෙම තත්වය යථා තත්වයට පත්වීම සඳහා අවම වශයෙන් තවත් වසර 02 ක පමණ කාලයක් ගතවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ඉංග්‍රීසි භාෂාව හැදැරීම සඳහා ඔස්ටේ්‍රලියාවට දැනට පැමිණ ඇති වැඩිම සිසුන් සංඛ්‍යාව නියෝජනය වන රටවල් පහත පරිදියි.

 

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »