
ඔස්ටේ්‍රලියාව තුළ ගුරුවරුන් සඳහා හිමිවන වාර්ෂික වැටුප ඩොලර් 130,000 ක් පමණ දක්වා ඉහළ නැංවෙනු ඇති බවට අනාවැකි පළවනවා.
ඒ මාස කිහිපයක් පුරා සිදුකල වර්ජන හමුවේ ගුරු වෘත්තිය සමිති සහ බළධාරීන් අතර සාකච්ඡාවල ප්‍රථිඵලයක් ලෙසයි.
වැටුප් ගැටලුව මත නිවු සවුත් වේල්ස් හා වික්ටෝරියා ප්‍රාන්තවල ගුරුවරුන් විශාල පිරිසක් ඉදිරි වසර 05 තුළදී සේවය අත්හැර යාමට සූදානම් වන බවයි නවතම වාර්තාවක දක්වා තිබුණේ.

කොවිඩ් තත්වයත් සමග ඉගැන්වීම් ක්‍රමවේදයන්හි සිදුවූ වෙනස්කම් සමග දැඩි පීඩනයක් එල්ලවීම ඊට ප්‍රධාන හේතුවයි.
සියලුම ප්‍රාන්තවල අධ්‍යාපන අමාත්‍යවරුන් රැස්ව මේ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමටද නියමිතව තිබෙනවා.

ගුරුවරුන් සඳහා උසස් අධ්‍යාපනය ලැබීමේදී අය කෙරෙන ගාස්තු අඩු කිරීමද තවත් යෝජනාවක් වනවා.