ACT ප්‍රාන්ත 190 / 491 Skilled Visa යටතේ තවත් වීසා කෝටාවක්

2022-2023 වසරට අදාළව ACT ප්‍රාන්තයේ පුහුණු නිපුණතා වැඩසටහන යටතේ තවත් අමතර කෝටාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 190 වීසා කාණ්ඩය යටතේ තවත් අවස්ථා 800 ක් සහ 491 වීසා කාණ්ඩය යටතේ අවස්ථා 1920 ක් ලබාදීමට නියමිතයි.

Canberra Matrix ආරාධනා පත්‍ර වටය යටතේ 2022-2023 වසරට අදාළ නාමයෝජනා සංඛ්‍යා ප්‍රකාශයට පත් කෙරුණේ පසුගිය ජූලි 13 වනදායි.

ඒ අනුව මේ දක්වා 190 වීසා කාණ්ඩය යටතේ ඔස්ටේ්‍රලියාවෙන් බැහැර අයදුම්කරුවන් 06 දෙනෙකුටත් – 491 වීසා කාණ්ඩය යටතේ 106 දෙනෙකුටත් ආරාධනා පත්‍ර යවා තිබෙනවා.

මෙරට දැනටමත් සිටින අයදුම්කරුවන් සැළකිමේදී 190 වීසා කාණ්ඩය යටතේ අයදුම්කරුවන් 51 දෙනෙකුටත් – 491 වීසා කාණ්ඩය යටතේ 68 දෙනෙකුටත් ආරාධනා පත්‍ර යවා තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප විවෘත කිරීම ඇරඹේ

ප්‍රමාණවත් හිම පතනයන් නොලැබීම හමුවේ විවෘත කිරීම ප්‍රමාද වූ ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »