
ඔස්ටේ්‍රලියාවේ ඉහළම ආදායමක් ලබන පුද්ගලයන් වාසය කරන ප්‍රදේශ පිළිබඳ නවතම තොරතුරු අනාවරණය කර තිබෙනවා.
2019 – 2020 කාලයේදී ඔස්ටේ්‍රලියානුවන් මිලියන 14 ක් පමණ ගෙවන ලද බදු වාර්තා සැළකිල්ලට ගෙනයි මෙම තොරතුරු හෙළි කර ඇත්තේ.
ඊට අනුව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ Cottesloe සහ Peppermint Grove ප්‍රදේශ එම ලැයිස්තුවේ ඉහළටම පැමිණ ඇත්තේ වාර්ෂික ආදායම ඩොලර් 325,343 ක් ලෙස දක්වමින්.

කෙසේවෙතත් පළමු ස්ථාන 10 සැළකීමේදී ඉන් 08 ක් ම නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයයි නියෝජනය කරනු ලබන්නේ.
වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරමින් මුල් ස්ථාන 10 ට ඇතුළත්ව සිටින්නේ එකම ප්‍රදේශයක් පමණයි.

Toorak and Hawksburn එම ප්‍රදේශය වනවා.
එහි පදිංචි පුද්ගලයන් ඩොලර් 184,939 ක වාර්ෂික ආදායමක් ලබන බවයි නවතම වාර්තා අනාවරණය කරන්නේ.