ඔස්ටේ්‍රලියානුවන් නිවාස සිහිනය අත්හරී

First home buyers

නිවාස මිළ ගණන් තරමක් පහළයාමක් සිදුවුවුද මෙම වසරේදී තමන්ට නිවසක් මිළදී ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස නොකරන බව ඔස්ටේ්‍රලියානුවන් 1/3 කට වැඩි පිරිසක් ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය වසරේදී සියයට 23 ක් ලෙස පැවති එම ප්‍රතිශතය මේ වසරේදී සියයට 37 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි නවතම අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ.

වයස අවුරුදු 25 ට අඩු යෞවනයන් අතුරින් සියයට 15 ක් පවසා තිබුණේ තමන්ට නිවසක් මිළදී ගැනීමට නොහැකි වනු ඇති බවයි.

එම ප්‍රතිශතය පසුගිය වසරේදී සියයට 06 ක් වැනි අඩු අගයක පැවතුණා.

වයස අවුරුදු 21 ත් 64 ත් අතර කාණ්ඩයේ එම අගය පසුගිය වසරේ පැවති සියයට 21 සිට මේ වසරේදී සියයට 34 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නිවසක් මිළදී ගැනීමට සුදුසුම කාලය එළැඹ ඇතැයි පසුගිය දෙසැම්බර් මාසයේ සියයට 67 ක් පවසා ඇති අතර ජූලි මාසයේදී එය සියයට 33 ක් දක්වා දෙගුණයකින් පහළ ගොස් තිබුණා.

ඔස්ටේ්‍රලියාව පුරා පුද්ගලයන් 2521 දෙනෙකු යොදාගනිමිනුයි මෙම සමීක්ෂණය සිදුකර තිබුණේ.

Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »