
ඉහළම නිළධාරීන් 200 කට ආසන්න පිරිසක් ගුවන් තොටුපළ සාමාන්‍ය රාජකාරි සඳහා යෙදවීමට ක්වන්ටාස් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.
උද්ගතව ඇති දැඩි සේවක හිගය යම්තාක් දුරකට හෝ අඩු කරගැනීමයි එහි අරමුණ වන්නේ.
මේ අනුව ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරින් සහ කළමණාකරුවන් ඇතුලු ඉහළම නිළධාරීන් ඔස්ටේ්‍රලියාව පුරා ගුවන් තොටුපළවල භාණ්ඩ හසුරුවන්නන් (baggage handlers) ලෙස ඇතුලු සාමාන්‍ය රාජකාරි සඳහා යෙදවෙනු ඇති.

මාස 03 ක් පුරා සතියකට දින 05 ක් එම කටයුතු සිදුකිරීමට ඔවුන්ට සිදුවනවා.
සේවක හිගය – ගුවන් ගමන් ප්‍රමාදවීම් – අවලංගු කිරීම් – දිගු පෝලිම් වැනි කරුණු රැසක් හමුවේ ක්වන්ටාස් ගුවන් සේවයේ කීර්ති නාමය මේ වනවිට දැඩි ලෙස පිරිහීමකට ලකව ඇති බව සඳහන්.

භාණ්ඩ හසුරුවන්නන් 1700 ක් පසුගිය කොවිඩ් සමයේ සේවයෙන් ඉවත් කිරීම නීති විරෝධි බවට ලද නඩු තීන්දුවද ක්වන්ටාස් ගුවන් සේවයට දැඩි අවාසියක් වූ බවටයි සැළකෙන්නේ.