ඔස්ටේ්‍රලියාවේ එළවලු – පළතුරු මිළ ගැන අලුත් වාර්තාවක්

ඔස්ටේ්‍රලියාව තුළ සති ගණනක් පුරා ඉහළ අගයක පැවති එළවලු සහ පළතුරු මිළ නැවතත් පහළ යාම ආරම්භ වී තිබෙනවා.

වෙළඳපොළ වාර්තා පෙන්වා දෙන්නේ කාලගුණය යහපත්වීමත් සමග සැපයුම් ප්‍රමාණවත් පරිදි ලැබීම ඊට හේතුව බවයි.

විශේෂයෙන් පසුගිය කාලසීමාව තුළ අධික මිළ ගණන් යටතේ අලෙවි කෙරුණු මිළ ගණන් කැපී පෙනෙන ලෙස පහළයාම විශේෂත්වයක්.

කෙසේවෙතත් තක්කාලි සහ බෝංචි වැනි එළවලු මිළ ගණන් තවමත් පවතින්නේ පෙර පැවති අධික මිළ ගණන් යටතේමයි.

ඉදිරි සති කිහිපය තුළද යහපත් කාළගුණයක් පැවතියහොත් නත්තල් සමය දක්වාම එළවලු සහ පළතුරු මිළ ගණන් අඩු මට්ටමක පවත්වාගෙන යා හැකි බවටයි සුපිරි වෙළඳසැල් ජාල අනාවැකි පළකරන්නේ.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »