
වික්ටෝරියා ප්‍රාන්තයේ ගිලන් රථ ප්‍රමාදයන් සම්බන්ධ නවතම වාර්තාවක් එළි දක්වා තිබෙනවා.
ඊට අනුව අප්‍රේල් සහ ජූනි අතරදී ප්‍රාන්තය පුරා රෝගීන් 486,000 ක් හදිසි අංශ වෙත යොමුකර තිබුණා.
එය පසුගිය වසර හා සැසඳීමේදී සියයට 5 ක ඉහළයාමක් වනවා.

හෙවත් අධි අවධානම් තත්වයේ පසුවු රෝගීන් 97,000 ක් මෙම කාලයේදී රෝහල් වෙත රැගෙන ගොස් තිබූ බව සඳහන්.
ප්‍රතිශතයක් ලෙස එහි වැඩිවීම සියයට 16 ක්.

වඩාත් බරපතලම කරුණ වන්නේ අත්‍යවශ්‍ය ප්‍රතිකාර අවශ්‍ය වු රෝගීන් සියයට 46 කට අදාළ ඇමතුම් සඳහා නියමිත විනාඩි 15 ක කාලය තුළ වික්ටෝරියා ගිලන් රථ සේවාව විසින් ප්‍රතිචාර නොදැක්වීමයි.