
එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා නිදහස් ආර කිලෝග්‍රෑම් 57 මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මි පෝරුතොටගේ සමත්වුණා.
18 හැවිරිදි ඇය අතින් මෙහිදී පරාජයට පත්වුයේ ඔස්ටේ්‍රලියානු ජාතික ක්‍රීඩිකාවක්.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනූ පළමු මල්ලවපොර පදක්කමද මෙය වීම විශේෂත්වයක්.

එම තරගය ලකුණු 10 ට 0 ක් ලෙස ඉතා පහසුවෙන් ජය ගැනීමට නෙත්මි පෝරුතොටගේ ක්‍රීඩිකාව සමත්වුණා.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනාගත් සිව්වන පදක්කම ද මෙයයි.
