
ඔස්ටේ්‍රලියාව තුළද දැඩි ඖෂධ හිගයක් හටගෙන තිබෙනවා.
TGA හෙවත් සෞඛ්‍ය පරිපාලන අධිකාරියට අනුව දැනට මෙරට තුළ ඖෂධ වර්ග 343 ක උග්‍ර හිගයක් පවතින බවයි තහවුරු වී ඇත්තේ.
දියවැඩියාව – අධි රුධිර පීඩනය – ඇදුම වැනි රෝගී තත්වයන් සඳහා අවශ්‍ය කරන ඖෂධ ගණනාවක්ද මේ අතර වන බව සඳහන්.

කොවිඩ් – තත්වය – මංකිපොක්ස් වැනි රෝග 03 ක් එකවර සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කිරීම හමුවේ අධික ඉල්ලුමක් නිර්මාණය වීම මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
එමෙන්ම සැපයුම් ප්‍රමාණවත් නොවීමද මෙම ඖෂධ හිගයට බලපා ඇති බවයි TGA විසින් දන්වා සිටින්නේ.
