ලාංකිකයන් ඉලක්ක කරගත් මැලේසියා වීසා ජාවාරමක්

සංචාරක වීසා බලපත්‍ර, රැකියා වීසා බලපත්‍ර බවට පත්කළ හැකි බවට විශ්වාස කරමින් මැලේසියාවට සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ අවධානයට ලක්ව තිබෙනවා.

එවැනි පැමිණීම් හේතුවෙන් මැලේසියානු ආගමන බලධාරීන් සංචාර වීසා බලපත්‍රලාභීන් දැඩි ලෙස පරීක්‍ෂා කිරීමට පියවර ගනිමින් සිටින බව සඳහන්.

මෙලෙස ශ්‍රී ලාංකිකයන් සතියකට 20 දෙනෙකු පමණ ගුවන් තොටුපළෙන් සෘජුවම ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බවටයි වාර්තා ලැබී ඇත්තේ.

සංචාරක වීසා මත මැලේසියාවට ඇතුළුවීම අනුමත කර ගැනීමට සමත් වූ බොහෝ පුද්ගලයන්, රැකියා නියෝජිතයින් විසින් තමන් රවටා ඇති බවට පසුව දැනගැනීමට හැකිවී ඇති අතර, ඔවුන්ට සුළු වැටුපක් සහ කම්කරු අයිතිවාසිකම් නොමැතිව දැඩි අමානුෂික තත්වයන් යටතේ සේවය කිරීමට සිදුවීමෙන් මෙලෙස මිනිස් ජාවාරමේ ගොදුරු බවට පත්වන බව සඳහන්.

නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට මැලේසියාවෙන් පිටවීම සඳහා ලබාදී තිබූ පොදු සමා කාලය පසුගිය ජුනි 30 දිනෙන් අවසන් වුණා.

ඒ අනුව වලංගු වීසා බලපත්‍ර නොමැති විදේශිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා මැලේසියානු බළධාරීන් මේ වනවිට අඛණ්ඩ වැටලීම්වල නිරතව සිටිනවා.

වලංගු වීසා බලපත්‍ර නොමැති පුද්ගලයින් අත්අඩංගුවට පත්වූ විට බන්ධනාගාරගත වීමට සිදුවනු ඇති අතර, ඉන් නිදහස් වූ පසු, ඔවුන්ගේ වියදමින් පිටුවහල් කිරීමට කටයුතු කරන තෙක් නියමිත රැඳවුම් මධ්‍යස්ථානයක රැඳී සිටීමට ද සිදුවනවා.

එබැවින් විදෙස්ගත වීමට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙතින් තහවුරු කර ගන්නා ලෙස කාර්ය සාධක බලකාය දන්වා සිටිනවා.

Latest news

Facebook සහ Gumtree හරහා ඔස්ට්‍රේලියානුවන් වංචාවලට ගොදුරුවීම ඉහළට

Facebook Marketplace සහ Gumtree වැනි අන්තර්ජාල වේදිකා හරහා භාණ්ඩ අලෙවි කරන ඔස්ට්‍රේලියානුවන් විවිධ වංචාවලට ගොදුරුවීම ඉහළ ගොස් තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »