
ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි දසතින් එල්ලවන බලපෑම්වලට තමා ඇහුම්කන් නොදෙන බව වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක මැතිව් ගයි පවසනවා.
තමාගේ කිසිදු වරදක් නොමැති බවයි ඔහු අවධාරණය කරන්නේ.
ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විසින් සිය පුද්ගලික සමාගමකට ඩොලර් ලක්ෂයක මුදලක් ඉල්ලා සිටි බවට රහසිගත වාර්තාවක් මේ වනවිට පළ වී තිබෙනවා.

ඒ අනුවයි මැතිව් ගයි ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා මේ වනවිට ඉල්ලා අස්වී ඇත්තේ.
එහෙත් මෙම සිදුවීමට අදාළව මැතිව් ගයි ගේ ක්‍රියාකලාපයද විමර්ශනය කල යුතු බවයි වික්ටෝරියා පාලක රජය අවධාරණය කරන්නේ.

එලෙස විමර්ශනයක් පවත්වන ලෙස ප්‍රාන්ත පොලිසිය – මැතිවරණ බළධාරීන් ඇතුලූ පාර්ශව කිහිපයකින් ඉල්ලා සිටීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
කෙසේවතත් අදාළ ගිවිසුම කිසිදු ආකාරයකින් අත්සන් කර නොතිබූ බවයි වික්ටෝරියා විපක්ෂ නායක මැතිව් ගයි සඳහන් කර තිබුණේ.
එබැවින් තමාට එල්ල වන චෝදනා බැහැර කරන බවත් ඔහු සඳහන් කර සිටිනවා.