
ලීටර් 10 කින් සමන්විත ඉන්ධන කෑන්, පිරිකර සඳහා සංඝරත්නයට පිරිනමන ලද පින්කමක් පිටිගල ප්‍රදේශයේ දී පැවැත්විණ.
පිටිගල අතුකෝරල තේ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාගේ ගුණ සමරුව නිමිත්තෙන් පිටිගල තේ කර්මාන්ත ශාලාවේ පැවති මෙම දානමය පිංකම සදහා වැඩම කළ සංඝරත්නය වෙනුවෙන් පිරිකර පිරිනැමීමේදී මෙසේ ඉන්ධන කෑන් පිරිනමනු ලැබීය.
ඉන්ධන පූජාව පිළිගනිමින් සංඝයා වහන්සේලා කියා සිටියේ මෙම කාලයේ හැටියට මෙම පූජාව මිල කළ නොහැකි බවයි.
