
බන්ධනාගාරය තුළදී ජංගම දුරකථනයක් භාවිතා කිරීමේ වරදට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධනීෂ් අලී ට දින 14ක සිර දඬුවම් නියම කර තිබෙනවා.
2022.07.27 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂණ භාරයට පත් කරන ලද ධනීෂ් අලී නැමති සැකකරු නව මැගසින් බන්ධනාගාරයේ රක්ෂණ භාරයේ සිටියදී
බන්ධනාගාර නීති රීති වලට අනුව නීති විරෝධී තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකථනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අද (04) දින බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සැකකරු එම චෝදනාව කොළඹ අතිරේක දිසා විනිසුරුතුමා ඉදිරියේ වරද පිලිගැනීමෙන් පසුව වරදකරු බවට පත් වී
දින 14 ක සිර දඩුවම් ලබා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් (පාලන,පුනරුත්ථාපන,මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක ප්‍රකාශ කළේ.
