දරුණුතම අපරාධ කල්ලි නායකයා යළි ඔස්ටේ්‍රලියාවේ

ඔස්ටේ්‍රලියාවේ වඩාත් දරුණුතම අපරාධ කල්ලි නායකයා ලෙස සැළකෙන මාර්ක් බඩ්ල් නැවතත් මෙරටට පිටුවහල් කර එවා තිබෙනවා.

වසර 03 ක මෙහෙයුමකින් පසු ඔහු තුර්කියේදී අත්අඩංගුවට ගනු ලැබු අතර ඒ අනුවයි යළිත් ඔස්ටේ්‍රලියාවට එවා ඇත්තේ.

ඩාර්වින් ගුවන් තොටුපළට පැමිණිමෙන් පසු මාර්ක් බඩ්ල් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

37 හැවිරිදි සැකකරු මේ වනවිට රහසිගත ස්ථානයකයි රඳවනු ලැබ සිටින්නේ.

ඩොලර් මිලියන 40 ක් වටිනා කොකේන් රටට ගෙන්වීම ඇතුලු චෝදනා රැසක් මොහුට එරෙහිව පවතිනවා.

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »