Search

වික්ටෝරියා විපක්ෂ නායකට ලෙඩක් වැටෙන ළකුණු

වික්ටෝරියා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක මැතිව් ගයි ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ප්‍රාන්ත පොලිසිය – මැතිවරණ බළධාරීන් ඇතුලු පාර්ශව කිහිපයකින් ඉල්ලා සිටීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විසින් සිය පුද්ගලික සමාගමකට ඩොලර් ලක්ෂයක මුදලක් ඉල්ලා සිටි බවට රහසිගත වාර්තාවක් පළවීමයි ඊට හේතුව වන්නේ.

කාර්ය මණ්ඩල ප්‍රධානියා මේ වනවිට ඉල්ලා අස්වී තිබෙනවා.

එහෙත් මෙම සිදුවීමට අදාළව මැතිව් ගයි ගේ ක්‍රියාකලාපයද විමර්ශනය කල යුතු බවයි වික්ටෝරියා පාලක රජය අවධාරණය කරන්නේ.

කෙසේවතත් අදාළ ගිවිසුම කිසිදු ආකාරයකින් අත්සන් කර නොතිබූ බවය වික්ටෝරියා විපක්ෂ නායක මැතිව් ගයි සඳහන් කර තිබුණේ.

එබැවින් තමාට එල්ල වන චෝදනා බැහැර කරන බවත් ඔහු සඳහන් කර සිටිනවා.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »