Search

බර්මිංහැම් ගිය ලංකාවේ 02 ක් පනී

22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් ගිය කණ්ඩායමේ ක්‍රීඩිකාවක සහ කළමණාකරුවෙකු කණ්ඩායමෙන් ඉවත්ව අතුරුදන්වී තිබෙනවා.

ජූඩෝ ක්‍රීඩිකාවක සහ ජූඩෝ කණ්ඩායම් කළමණාකරුවෙකු එලෙස ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදන්වී ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් බර්මිංහැම් මෙට්‍රොපොලිටන් පොලීසිය සහ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මේ අතර එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ යුපුන් අබේකෝන් සහභාගි වන අවසන් පූර්ව වටය අද පැවැත්වෙනවා.

අවසන් පූර්ව වටයේ තුන්වැනි තරගයට ඔහු සහභාගීවන අතර එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 11 යි 56 ට ආරම්භවීමට නියමිත අතර හෙට අලූයම 2.00ට මීටර් 100 ඉසව්වේ අවසන් මහා තරගය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඊයේ පැවති මීටර් 100 සුදුසුකම් ලැබීමේ පළමු වටයේ තරගයකින් ප්‍රථම ස්ථානය දිනා ගත් යුපුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

ඒ එම තරගය තප්පර 10.06 කින් නිමා කරමින්.

ඇමරිකාවේ අමානුෂික බව කියන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ තාවකාලික කූඩාරම් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික ලෙස සංක්‍රමණිකයින් සිය ගණනක් සිරකර සිටින බවට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් චෝදනා කරනවා. 

Read More »

ප්‍රධාන ගුවන්තොටුපළක ආරක්ෂක පියවරක් ඉවත් කරයි

ඇමරිකාවේ ගුවන් තොටුපලවල ආරක්ෂක පරීක්ෂාවන් වලදී පාවහන් ඉවත් කර පරීක්ෂා කිරීමේ පියවර ඉවත් කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම්

Read More »

ට්‍රම්ප් නිසා HIV රෝගීන් මිය යාමේ අවදානමක්

ගෝලීය HIV මර්ධනය සඳහා ඇමරිකාව අරමුදල් අත්හිටුවීම හේතුවෙන් 2029 වන විට HIV ආශ්‍රිත මරණ මිලියන ගනණකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. ඩොනල්ඩ්

Read More »

Plastic නිෂ්පාදන වල රසායනික ද්‍රව්‍ය 4,200ක් තහනම් කිරීමට ඉල්ලිමක්

Plastic නිෂ්පාදනයන් සදහා භාවිතා කරන මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය 4,200කට වැඩි ප්‍රමාණයක් තහනම් කළ යුතු බවට විද්‍යාඥයන් ඉල්ලිමක් සිදුකර තිබෙනවා. Nature සඟරාවේ පළ කරන

Read More »