
වරාය – නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ඔහු මීට පෙරද එම ධුරය දැරූ අතර එල්ලවූ අල්ලස් චෝදනාවක් සම්බන්ධ පරීක්ෂණයක් හමුවේ ධුරයෙන් තාවකාලිකව ඉවත්වුණා.
කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ ජපාන තයිසේ සමාගමෙන් අල්ලස්ක ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි එම විමර්ශනය පැවැත්වුණේ.

එම විමර්ශන වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලයටද ඉදිරිපත් කර තිබුණා.
එහි දක්වා ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා නිර්දෝෂි බවයි.
