
මෙල්බන් ක්‍රවුන් කැසිනෝ මධ්‍යස්ථානයේ ක්‍රීඩා කිරීම සඳහා පැමිණීමේදී නව නියමයන් කිහිපයක් පණවා තිබෙනවා.
ඒ අනුව මින් ඉදිරියට සෑම ඔස්ටේ්‍රලියානුවෙකුම තමන් පරාජයට පත්වීමට සූදානම් උපරිම මුදල දැනුම්දිය යුතුයි.
ක්‍රවුන් කැසිනෝ තුළ මුදල් අයථා භාවිත ඉහළව සිදුවන බවට පසුගියදා රාජකීය කොමිසමක් විසින් නිකුත් කල වාර්තාවක සඳහන්.

එහි අඩංගු නිර්දේශ අතර එක් නිර්දේශයකුයි මෙලෙස ක්‍රියාත්මක වන්නේ.
පැය 24 ක් තුළ සිදුකල හැකි උපරිම ගණුදෙනුවේ ප්‍රමාණය ඩොලර් 1000 ක් විය යුතු වනවා.

මේ අනුව ඔස්ටේ්‍රලියාව තුළ සූදු ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම නීති බලාත්මක ස්ථානය බවට මෙල්බන් ක්‍රවුන් කැසිනෝ පත්වනවා.