
1985 වසරෙන් පසු සිදුකල සමීක්ෂණවලදී බලයේ සිටින ඔස්ටේ්‍රලියානු අගමැතිවරයෙකු ලබාගෙන ඇති ඉහළම ජනප්‍රියත්වය අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් හිමිකරගෙන තිබෙනවා.
නවතම නිව්ස්පෝල් මත විමසුමට අනුව අගමැතිවරයාගේ ජනප්‍රියත්වය දැක්වෙන්නේ සියයට 61 ක් ලෙසයි.
හිටපු අගමැති ස්කොට් මොරිසන් විසින් සිය ධුර කාලයේදී ලබාගෙන තිබූ වැඩිම ජනප්‍රියත්වය වූයේ සියයට 51 ක් පමණයි.

පාලක කම්කරු පක්ෂයේ ජනප්‍රියත්වයද මාස 02 ක් තුළදී සියයට 32.6 සිට සියයට 37 දක්වා ඉහළ ගොස් ඇති බව මෙම මත විමසුමේදී අනාවරණ වුණා.
එහෙත් ෆෙඩරල් මැතිවරණය පැවැත්වීමට පෙර දිනයේ එය පැවතියේ සියයට 41 ක් ලෙසයි.

විපක්ෂ නායක පීටර් ඩට්න් සහ අගමැති ඇන්තනී ඇල්බනීස් යන දෙදෙනා සැළකීමේදී ජනප්‍රියත්ව ප්‍රතිශතයන් සටහන් වන්නේ සියයට 25 ට 59 ක් ලෙසයි.