
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ග රථවාහන ගාස්තු (toll) හරහා ප්‍රන්ත රජය වසරකට උපයන මුදල ඩොලර් බිලියන 02 කට අධික බව නවතම වාර්තාවක් අනාවරණය කරනවා.
දිනකට ගාස්තු අය කෙරෙන ගමන් වාර ලක්ෂ 10 ක් පමණ ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක බවයි මෙමගින් හෙළිකර ඇත්තේ.
මේ අතර දැනට සිදුකෙරෙමින් පවතින ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධ තොරතුරු නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ලබාදීම පැහැර හැර ඇති බවටද චෝදනා එල්ලවනවා.

ඒවායෙහි වටිනාකම ඩොලර් බිලියන 100 ක් පමණ වනු ඇතැයිද අද නිකුත් වූ වාර්තාවේ දැක්වෙනවා.
මෙම මුදල්ද ජනතාව ගෙවන බදු මුදල් වන බැවින් ඒවා වියදම් වන ආකාරය දැන ගැනීමට ඔවුන්ට අයිතියක් ඇති බවයි එම වාර්තාව පෙන්වා දී ඇත්තේ.
