බටහිර ඔස්ටේ්‍රලියා රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් – $ 2500 ක දීමනාවක්

DOLLAR-MONEY.

සියලුම රජයේ සේවකයන්ට සියයට 03 ක වැටුප් වැඩිවීමක් ලබාදීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

වසර 02 ක් පුරා එය ක්‍රියාත්මක කෙරෙන අතර එක් වරක් පමණක් ගෙවන ඩොලර් 2500 ක දීමනාවක් ද ගෙවීමටයි ප්‍රාන්ත රජය සැලසුම් කර ඇත්තේ.

ඉහළ යන උද්ධමනය සහ ජීවන වියදම පාලනය කිරීමේ එක් පියවරක් ලෙසයි බටහිර ඔස්ටේ්‍රලියා රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

ප්‍රාන්තයේ රාජ්‍ය සේවකයන් 150,000 කට පමණ මෙමගින් ප්‍රතිලාභ අත්වනවා.

වෘත්තීය සමිති විසින් සති කිහිපයක් පුරා සිදුකල දැඩි අරගලයක ප්‍රථිඵලයක් ලෙස මෙම වැටුප් වැඩි කිරීම ලබාදී ඇති අතර මෙමගින් බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජයට දැරීමට සිදුවන අමතර පිරිවැය ඩොලර් මිලියන 634 ක්.

මේ අතර වාර්ෂිකව superannuation ප්‍රතිශතය සියයට 0.5 කින් වැඩි කිරීමටද බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »