ජූනි මාසයේ ලංකාවට වැඩියෙන්ම ආ සංචාරකයන් අතර ඔස්ටේ්‍රලියාවත් පෙරමුණේ

ජුනි මාසය තුළ ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා 26,944 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා.

මහ බැංකු වාර්තා අනුව පසුගිය මැයි මාසයේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව 22,194 ක්.

නුපුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශගත වීම් 9,317 ක් ද, පුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශගත වීම් 7,977 ක් ද, සහ ගෘහාශ්‍රිත ආධාර මත විදේශගත වීම් 6,556 ක් ද පසුගිය මාසයේදී වාර්තා වී තිබෙනවා.

මෙම වසරේ මුල් මාස 06 තුළදී විදේශ රැකියා සඳහා පිටත්වූ මුලු සංඛ්‍යාව 140,701 ක් ලෙස වාර්තා වනවා.

මේ අතර ජූනි මාසයේදී විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 274 දක්වා තවදුරටත් අඩු වී තිබෙනවා.

එය මැයි මාසයේ දී වාර්තා වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 304 ක් ලෙසයි.

මේ අතර මේ වසරේ මැයි මාසයේ සංචාරක පැමිණීම්වලට සාපේක්ෂව ජූනි මස පැමිණීම් ඉහළ ගොස් තිබෙනවා.

මැයි මාසයේ දී සංචාරකයන් 30,207 ක් රටට පැමිණ තිබූ අතර ජූනි මාසයේදී එය 32,856 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් වැඩි පිරිසක් ඉන්දියාව, එක්සත් රාජධානිය, ඔස්ටේ්‍රලියාව සහ ජර්මනිය යන රටවල් නියෝජනය කරමිනුයි පැමිණ ඇත්තේ.

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »