ඔස්ටේ්‍රලියාවේ නගර රැසකට අද දැඩි වර්ෂාපතනයක්

ඔස්ටේ්‍රලියාව පුරා ප්‍රධාන නගර රැසකට අද දිනයේදී දැඩි වර්ෂාධික කාළගුණයක් බලපානු ඇති බවට කාළගුණ අංශ අනාවැකි පළකරනවා.

ශීතල කාළගුණය – දැඩි වර්ෂාව මෙන්ම අධික සුළං තත්වයක් එහිදී හටගනු ඇති බව සඳහන්.

වික්ටෝරියා – ටස්මේනියා – දකුණු ඔස්ටේ්‍රලියා – නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවලයි මෙම තත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙනු ඇත්තේ.

ක්වීන්ස්ලන්ඩ් හි තරමක වර්ෂාවක් පවතිනු ඇති බවටත් පුරෝකථනය කර තිබෙනවා.

අද සිඩ්නි නගරයේ උපරිම උෂ්ණත්වය සෙල්සියන් 17 ක් ලෙසද මෙල්බන් හි සෙල්සියස් 15 ක් ලෙසද සටහන් වනු ඇතැයි සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි ගම්මානයක් ශ්‍රී ලංකාවේ

නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ ගම්මානය තුළ සිදු කෙරෙන ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

Read More »

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වයස 35 ඉක්මවූ පශ්චාත් උපාධි අපේක්ෂකයින්ට ෆෙඩරල් රජයෙන් උපදෙසක්

ටෙම්පරි ග්‍රැජුඒට් වීසා (Temporary Gratuate visa) කාණ්ඩය යටතේ පැනවූ නව සීමා හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වන ජාත්‍යන්තර සිසුන්ට වෙනත් සුදුසු වීසා කාණ්ඩයක් තෝරාගන්නා ලෙස ෆෙඩරල් රජය උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඩොලර් 100 නෝට්ටුව ගැන ජනතාවට දැනුම්දීමක්

විදෙස් රටකදී ඔස්ට්‍රේලියානු ඩොලර් 100 නෝට්ටුවක් මාරු කිරීමට යාමේදී සිදු වූ අපහසුතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියා සංචාරකයෙකු විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »