සිල්ලර වෙළඳාමේදී වික්ටෝරියා එක තැන

ජූනි මාසයේදි ඔස්ටේ්‍රලියාවේ සිල්ලර වෙළඳාම් පිරිවැටුම (turnover) මැයි මාසයට වඩා සියයට 0.2 කින් ඉහළ ගොස් තිබෙනවා.

මෙය මෙම වසර තුළ සිල්ලර පිරිවැටුම අඛණ්ඩව ඉහළ ගිය 06 වන මාසය වුවද අඩුම පිරිවැටුම සටහන් කල මාසයද වනවා.

මැයි මාසය්දී සියයට 0.7 ක් / අප්‍රේල් මාසයේදී සියයට 0.9 ක් / මාර්තුවේ සියයට 1.6 ක් ලෙසයි පසුගිය මාස තුළ පිරිවැටුම සටහන් වූයේ.

කැෆේ – අවන්හල් – takeaway food සියයට 2.7 කින්ද / ඇඳුම් – පාවහන් සියයට 1.3 කින්ද වැඩි අලෙවියක් පෙන්නුම් කර තිබෙනවා.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී වැඩිම පිරිවැටුමක් සටහන් කර ඇති ප්‍රාන්තය වන්නේ Northern Territory වන අතර මැයි මාසයට වඩා පිරිවැටුම අඩුවෙන් වාර්තා කර ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පමණයි (-0.2).

වික්ටෝරියා ප්‍රාන්තයේ පිරිවැටුම ඉහළ හෝ පහළ යාමක් වාර්තා කර නොමැතිවීම (0%) විශේෂත්වයක්.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »