අරගල නිසා විදේශිකයන්ට ලංකාව එපා වෙයි

විදේශීය සංචාරකයන් මෙරටට පැමිණීමට පෙර කළ හෝටල් වෙන් කිරීම්වලින් සියයට 45 ක් පමණ අරගල හේතුවෙන් හදිසියේම අවලංගු කරගෙන ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී ධම්මිකා විජේසිංහ පැවසුවාය.

එය සංචාරක කර්මාන්තයට ඉතා අහිතකර ලෙස බලපෑ බවත් ඉන්ධන, ගෑස් හිඟය සහ විදුලිය කැපීමද සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමට තවත් ප්‍රධාන හේතුවක්වූ බවත් ඇය සඳහන් කළාය.

සංචාරකයන්ගේ පැමිණීම මේ වනවිට සියයට දහයකින් පමණ වැඩි කරගෙන ඇතැයි පැවසූ විජේසිංහ මහත්මිය මේ මාසයේ මේ දක්වා සංචාරකයන් හතළිස් දෙදහස් නව සිය විසි පහක් පැමිණ ඇතැයිද සඳහන් කළාය.

සාමාන්‍යයෙන් මේ දිනවල සතියේ දිනක පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව (සාමාන්‍ය අගය) 1533 කි. සති අන්ත දිනෙක එය 1900ක් බව ධම්මිකා විජේසිංහ කීවාය.

සාමාන්‍යයෙන් අගෝස්තු මාසය මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන කාලයක් වන හෙයින් එම කාලයේදී සංචාරකයන් රටට වැඩි වශයෙන් අද්දවා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

සංචාරකයන් අද්දවා ගැනීම සඳහා මහනුවර පෙරහර ඉලක්ක කර සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කළ බව පැවසූ විජේසිංහ මහත්මිය සංචාරකයන් ප්‍රවාහනය සඳහා ඉන්ධන සැපයීම ඇතුළු වෙනත් විවිධ පහසුකම් සැලසීමටද කටයුතු කරගෙන යන බව සඳහන් කළාය.

මේ මාසයේ වැඩිම වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ එංගලන්තයෙනි. එම සංඛ්‍යාව 8304කි.

ඊට පසු වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 5416කි.

මෙයට අමතරව ජර්මනිය, ප්‍රංශය සහ කැනඩාව යනාදි රටවලින්ද සංචාරකයන් මෙරටට වැඩි වශයෙන් පැමිණ ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »