$ මිලියන 05 ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 60 ක් අත්අඩංගුවට

ක්වීන්ස්ලන්ඩ් සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී ඩොලර් මිලියන 05 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 60 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ප්‍රාන්ත දෙකෙහි අපරාධ කල්ලි මැඩලීමේ අරමුන ඇතිවයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ.

සති 02 කට ආසන්න කාලයක් පුරා Grafton, Tweed Heads and Ewingsdale, Bilambil Heights, and Carrara යන ප්‍රදේශවල මෙම වැටලීම් සිදුකර තිබුණා.

මෙහිදී ගිණි අවි 40 ක් – මුදලින් ඩොලර් 150,000 ක් – සුඛෝපභෝගී මෝටර් රථ – සවර්ණාභරණ විශාල ප්‍රමානයක්ද හමුවී තිබෙනවා.

කොකේන් – අයිස් – ගංජා යන මත්ද්‍රව්‍යයද මෙම මෙහෙයුමේදී සොයාගත් බව ප්‍රාන්ත පොලිසිය ප්‍රකාශ කලා.

Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »