ජනපති මැදුරෙන් හමුවූ මිලියන 17 උසාවියට – පැතුම් කර්නර් රිමාන්ඩ්

පසුගිය ජූලි 09 වන දින අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයට කඩා වැදුණු අවස්ථාවේදී සොයාගත් රුපියල් එක් කෝටි 78 ලක්ෂයක මුදල කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත භාර දී තිබෙනවා.

මෙම මුදල අධිකරණයට භාරදීමට මෙතරම් ප්‍රමාද වුයේ ඇයිද යන්න පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙසයි මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයාට අනතුරුව නියම කලේ.

අදාළ මුදල පොලිසිය විසින් අධිකරණයට භාරදී නොමැති බව ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය වුණා.

එම මුදල වහාම භාරදෙන ලෙසයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට ඊයේ නියම කලේ.

ජනාධිපති මන්දිරයේ තිබී හමුවූ එම මුදල අධිකරණයට භාරදෙන බවයි අදාළ සිදුවීම සිදුවූ දිනයට පසුදින එනම් ජූලි 10 වනදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කලේ.

ඒ අනුව සති 03 කට ආසන්න කාලයක් ගතවී ඇතත් එම මුදල අධිකරණයට භාරදුන් බවට මෙතෙක් කිසිදු ලිඛිත වාර්තාවක් ලැබී නොමැති බව ඊයේ අධිකරණයේදී අනාවරණය වුණා.

මෙම මුදලට සිදුවූයේ කුමක්ද පිළිබඳ ලබන 05 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසත් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට ඊයේ නියම කලා.

මේ අතර බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී පැවති විරෝධතාවය මෙහෙයවූ බව පැවසෙන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් නමැත්තා ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙලයි නියෝගය ලබාදුන්නේ.

එදිනට සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට ද අධිකරණය නියම කලා.

ජූලි 13 වන දින විරෝධතාවය අතරතුර පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා තිබූ මාර්ග බාධක බිඳ හෙළීමට මොහු ඇතුලු පිරිස කටයුතු කර තිබූ බවටයි චෝදනා එල්ල වූයේ.

පැතුම් කර්නර් නැමැත්තාට එරෙහිව අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ද පසුගිය දිනකදී ලබාගෙන තිබුණා.

Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »