ලිබරල් පාලන සමයේ ඉදිකිරීම් ව්‍යාපෘති 1300 ක මුදල් නාස්තියක්

පැවති ලිබරල් පක්ෂ රජයේ ආරම්භ කල ඉදි කිරීම් ව්‍යාපෘති රැසකට මුදල් යෙදවීම සිදුකර ඇත්තේ විනිවිදභාවයෙන් තොර බවට විගණන වාර්තාවක් හෙළි කරනවා.

එමෙන්ම ඇතැම් ව්‍යාපෘති අත්‍යවශ්‍යම ඒවා නොවන බවයි ඩොලර් බිලියන 1.15 ක වටිනාකමින් යුත් එම ව්‍යාපෘති පිළිබඳ විගණනයේදී හෙළිවී ඇත්තේ.

සභාග රජයේ හවුල්කාර පක්ෂයක් වන නැෂනල් පක්ෂයේ මන්ත්‍රීවරුන් නියෝජනය කරන ආසන සඳහා මෙහිදී වෙන්කර තිබූ මුදල ඩොලර් මිලියන 104 ක්.

සමස්ත ව්‍යාපෘති අතුරින් 2/3 ක් සඳහා ශක්‍යතා වාර්තාවල අඩුපාඩා ඇතැයිද ඔස්ටේ්‍රලියානු ජාතික විගණන කාර්යාලය ඊයේ නිකුත් කල වාර්තාවේ සඳහන්.

නිවාඩු උද්‍යාන – ක්‍රීඩාගාර – ජැටි වැනි අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘති 1300 ක් සඳහා 2016 වසරේ සිට මෙලෙස මුදල් වෙන් කර තිබෙනවා.

ඇතැම් ඉදි කිරීම් ව්‍යාපෘති සඳහා නිසි පරිදි අනුමැතියක් ලබාගෙන නොතිබියදී පවා මුදල් අනුමත කර ඇති බවටත් චෝදනා එල්ලවනවා.

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »