Search

පුහුණු සේවක හිගය මගහරවන්න තවත් යෝජනාවක්

ඔස්ටේ්‍රලියානු ආර්ථිකය කඩා නොවැටීම සඳහා කෙටි කාලීන කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස ව්‍යාපාරික ප්‍රජාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා.

විශේෂයෙන් උද්ධමනය ඉහළ යාම පාලනය සහ උග්‍ර සේවක හිගයට ඉක්මන් විසඳුමක් දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

දෙසැම්බර් මාසය වනවිට උද්ධමනය සියයට 08 කට ආසන්න වනු ඇති බවට මුදල් ඇමති ජිම් චාමර්ස් ඊයේ කල ප්‍රකාශය මීට හේතුවී තිබෙනවා.

පුහුණු සේවක හිගය මගහරවාලීම සඳහා ආධුනිකයන්ට සහන ලබාදී ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම ප්‍රධාන යෝජනාවක්.

එමගින් පුරප්පාඩු සම්පූර්ණ කරගත හැකි බවයි ඔස්ටේ්‍රලියා ව්‍යාපාරික කවුන්සිලය අවධාරණය කරන්නේ.

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »