ඔස්ටේ්‍රලියාවේ පුහුණු ශ්‍රමික හිගය පියවන්න නව යෝජනාවක්

ඔස්ටේ්‍රලියාවේ ශ්‍රම බලකාය පුහුණු කිරීමේදී සහ පුහුණු ශ්‍රමිකයින්ගේ හිගය නිරාකරණය කිරීම පිළිබඳ රජයට උපදෙස් දීමට නව ආයතනයක් පිහිටුවීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

Jobs and Skills Australia නම් ඊට අදාළ යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ නිපුණතා සහ පුහුණු අමාත්‍ය බ්‍රෙන්ඩන් ඕ – කොනර් විසිනුයි.

ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කරන මෙය Aged care, disability care සහ childcare ක්ෂේත්‍රවල රැකියා කිරීමට හැකි පුහුණු ශ්‍රමිකයින්ගේ හිගය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු ඇති.

ඔස්ටේ්‍රලියානු සේවා යෝජකයන් මුහුණ දෙන විශාලතම අභියෝග අතරට පුහුණු ශ්‍රමිකයින්ගේ හිගය ද අයත් බවයි නිපුණතා සහ පුහුණු අමාත්‍ය බ්‍රෙන්ඩන් ඕ – කොනර් ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කලේ.

රැකියා පුරප්පාඩු පිරවීමට නොහැකි වූ ව්‍යාපාර සංඛ්‍යාව ඉහළ යාම ඔස්ටේ්‍රලියාවේ ආර්ථික වර්ධනය අඩාල කිරීමට ඉවහල් විය හැකි බව ද ඔහු කියාසිටියා.

ගොඩ ගැසී ඇති පුහුණු ශ්‍රමික වීසා අයදුම්පත් ලක්ෂ 6 ක් පමණ ඉක්මණින් සලකා බලා අවසන් කිරීමද මේ යටතේ සිදුවනු ඇති.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »