ඔස්ටේ්‍රලියාවේ වැඩියෙන්ම කොවිඩ් වැළඳුණු පිරිස හෙළිවෙයි

ඔස්ටේ්‍රලියාව තුළ දීර්ඝ කොවිඩ් තත්වයට වැඩියෙන්ම ගොදුරුවී ඇති වයස් කාණ්ඩය පිළිබඳ නවතම අනාවරණයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 40 ත් 60 ත් අතර කාන්තාවන් ඊට වැඩි වශයෙන් ගොදුරු වී ඇති බවයි සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ.

ඔවුන්ගෙන්ද අති බහුතරයකට අවම වශයෙන් වෙනත් රෝග තත්ව 02 ක් හෝ ඇති බවටත් මෙහිදී හෙළිවී තිබෙනවා.

කොවිඩ් වැළඳුණු ඔස්ටේ්‍රලියානුවන් අතුරින් මිලියන 8.5 ක් පමණ දීර්ඝ කොවිඩ් තත්වයට ගොදුරු වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දීර්ඝ කොවිඩ් තත්වය යනු පළමුවෙන් වෛරසය වැළඳී මාස 03 කට පසුවත් එම තත්වය පවතීනම් හෝ අවම වශයෙන් අඛණ්ඩව මාස 02 ක් රෝග ලක්ෂණ පැවතීමයි.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »