විමල්ගෙන් රනිල්ට ලියුමක්

වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳීම සඳහා වන අවම පොදු ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමට අදාළ නිර්දේශ ඇතුළත් ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ජාතික නිදහස් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ විසින් යොමු කර ඇත.

අදාල ලිපිය මෙසේය.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

ගරු ජනාධිපතිතුමනි,

පවතින ආර්ථික දේශපාලන අර්බුදය යොදාගනිමින් ශ්‍රී ලංකා රාජ්‍යය බිඳවැට්ටවීම සඳහා දියත් වන ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමට ගොදුරු නොවීම සඳහා

මේ වන විට කවුරු අකමැති වුවත්, කැමති වුවත් ඔබතුමා රටේ ව්‍යවස්ථාවට අනුව ඉදිරි දෙවසරක කාලය සඳහා ජනාධිපතිවරයා ලෙස පත් වී ඇත.

අපගේ දේශපාලන කියවීම අනුව ඔබතුමාට ද කැමති වුව ද අකමැති වුව ද තෝරා ගැනීමට සිදු වී ඇත්තේ විකල්ප දෙකකින් එකක් පමණි.

ඉන් පළමුවැන්න මේ වනවිට උත්සන්න වෙමින් පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදය යොදාගනිමින් දියත් වන ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමේ ගොදුරක් බවට පත් වී ශ්‍රී ලංකාව හයිටියක් බවට පත් කිරීමය.

ඒ මගින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය අවසන් වන අතර ඔබගේ දේශපාලන පැවැත්ම ද අනතුරට ලක් වනු ඇත.

දෙවැන්න අවසන් පැයේදී හෝ ඓතිහාසික වැරදි නිවැරදි කිරීමට ලැබී ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අර්බුදය විසඳීම සඳහා සමාජ ගිවිසුමක් ඇතිකර ගැනීමට දූරදර්ශී වීමය.

ඔබතුමා විසින් අවංකව එම දෙවන උපායමාර්ගික ප්‍රවේශය තෝරන තත්ත්වයක් තුළ පටු දේශපාලන වාදවිවාදවලින් හෝ ඓතිහාසික ගැටුම් යාවත්කාලීන කිරීමෙන් තොරව ඊට මඟ පෙන්වීම සඳහා අපි ඉදිරිපත් වෙමු.

එය මේ රටේ ජාතික බලවේගවලට ඉතිහාසය විසින් පවරා ඇති වගකීමක් ලෙස අපි සලකමු.

ලිපිය සහ යෝජනාවලිය මෙන්ම ඇමුණුමක් ලෙස අප විසින් ඉදිරිපත් කරන අනාගත අවම පොදු වැඩපිළිවෙළක අනිවාර්යෙන්ම අඩංගු විය යුතු බවට අප පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ ඔබතුමා වෙත ඉදිරිපත් කරනු ලබන්නේ විවෘත මනසකින් සහ අපගේ දීර්ඝකාලීන අත්දැකීම් මෙන්ම න්‍යායාත්මක අවබෝධය මත බව ද දන්වා සිටිමු.

මෙයට
විශ්වාසී,

විමල් වීරවංශ(පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2022-07-28

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »

පසුගිය මූල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ පැමිණිලි 76,000 ඉක්මවයි

ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.

Read More »