Search

වසර අවසානයේ ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය සියයට 08 සීමාවේ

මෙම වසර අවසානය වනවිට ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය සියයට 7.75 දක්වා ඉහළ යනු ඇති බවට මුදල් අමාත්‍ය ජිම් චාමර්ස් අනතුරු අගවනවා.

ලබන වසරේ මැද භාගය වනවිට එය සියයට 5.5 දක්වා අඩුවිය හැකි බවයි වසර මැද මූල්‍ය වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු සඳහන් කලේ.

ලබන වසර අවසානය වනවිට උද්ධමනය සියයට 3.5 දක්වා අඩුවිය හැකි බවටත් මුදල් ඇමතිවරයා අනාවැකි පළකලා.

දැනට ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය පවතින්නේ සියයට 6.1 ක් ලෙසයි.

ගෝලීය අර්බුද හමුවේ වුවද ඔස්ටේ්‍රලියා ආර්ථිකය අනෙකුත් රටවලට සාපේක්ෂව හොඳ මට්ටමක පවතින බවයි ජිම් චාමර්ස් අවධාරණය කලේ.

විරැකියාව අඩු මට්ටමක පැවතීම – නව රැකියා විශාල වශයෙන් බිහිවිම සුභවාදී ළකුණු බව මෙහිදී සඳහන් කෙරුණා.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »