
ඉදිරි වසර 02 ක කාලය ඉතා දුෂ්කර වනු ඇතැයි ඔස්ටේ්‍රලියා මුදල් අමාත්‍ය ජිම් චාමර්ස් පවසනවා.
ආහාර ඇතුලු සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළ ගණන් එහිදී කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති බවයි ඔහු කියාසිටියේ.
උද්ධමනය සියයට 07 ක් නොවීම වළක්වා ගැනීම අසීරු වනු ඇති බවද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කලා.

ඔහු මේ බව පැවසුවේ ඉහළ යන උද්ධමනයට සාපේක්ෂව වැටුප් ඉහළ නොදැමීම පිළිබඳ පාර්ශව ගණනාවක් කර ඇති විමසීම් පිළිබඳ ප්‍රතිචාර දක්වමින්.
ජූලි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතු ආර්ථික තත්වය පිළිබඳ වාර්තාවද ජිම් චාමර්ස් විසින් අද ලබාදීමට නියමිතව තිබුනා.

මේ අතර සෙනෙට් සභික ජැකී ලැම්බි පවසන්නේ ඔස්ටේ්‍රලියාව මේ වනවිට ආර්ථික අවපාතයක් කරා ගමන් කරමින් සිටින බවයි.
උදාහරණයක් ලෙස ඇය පෙන්වා දී ඇත්තේ කලකට පෙර ඉතා සුලු මිළ ගණන් යටතේ අලෙවි වු ඇතැම් ආහාර අද වනවිට සුඛෝපභෝගී සහ බොහෝ පිරිසකට මිළයට ගත නොහැකි තත්වයකට පත්ව ඇති බවයි.