ක්වන්ටාස් මගීන්ගෙන් සමාව අයැදී

පසුගිය සති කිහිපය තුළ සිදුවූ ගුවන් ගමන් ප්‍රමාදවීම් සහ ගමන්මලු අස්ථානගතවීම් සම්බන්ධයෙන් ක්වන්ටාස් ගුවන් සේවය මගීන්ගෙන් සමාව අයැද සිටිනවා.

ඔවුන් සඳහන් කලේ කොවිඩ් තත්වයෙන් පසු යළි ගුවන් ගමන් ආරම්භ කිරීමෙන් අනතුරුව පූර්ණ සේවා සැපයීමට නොහැකිවීම පිළිබඳ කණගාටුවන බවයි.

සේවක හිගය මෙන්ම සේවකයන් හුදකලා කිරීමට සිදුවීම මෙම ප්‍රමාද දෝෂයන්ට මුලික හේතුව බවයි ක්වන්ටස් සමාගම පවසන්නේ.

සෑම ගමන්මලු 1000 කින් 07 ක්ම අස්ථානගතවීමක් වාර්තා වීම සමාගමේ කීර්ති නාමයට හානි වී තිබෙනවා.

මේ අතර භාණ්ඩ හසුරුවන්නන් සැළසුම් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමටද ක්වන්ටාස් සමාගම අපේක්ෂා කරනවා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »