අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම තහනම් කරමින් මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂට පණවා තිබූ අතුරු තහනම් නියෝගය ලබන 02 වැනිදා තෙක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නැවත දීර්ඝ කර තිබෙනවා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනුයි මෙම නියෝගය ලබාදුන්නේ.
රටේ ආර්ථික අර්බුදයට වගකිව යුතු පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් ශ්‍රී ලංකා වාණිජ
මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ඇතුලු පාර්ශවකරුවන් කිහිපයක් විසිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය
හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොණු කර ඇත්තේ.