Search

වික්ටෝරියා Calder Freeway අනතුරකින් වාහන 20 කට හානි

වික්ටෝරියා Calder Freeway හිදී අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් වාහන 20 කට හානි සිදුවී තිබෙනවා.

ට්‍රක් රථයක් පළමුවෙන් පෙරළීගොස් ඇති අතර අනතුරුව ඒ පසුපසින් පැමිණි වාහන පෙළක් එකිනෙක ගැටී ඇති බව සඳහන්.

කෙසේවෙතත් මෙහිදී කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.

Calder Freeway හි වාහන ගමනාගමනයටද බාධාවක් එල්ලවී නොමැති බවයි වික්ටෝරියා පොලිසිය පවසන්නේ.

https://www.9news.com.au/national/calder-freeway-scaffolding-falls-off-truck-20-cars-damaged-victoria-police/81497c92-9e7e-4958-a8ad-c404d4cfec7f

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »